න්හනාලෝකය දස දෙස පතුරා
රුහුනේ කිතු ගොස රැවු දේවා
හත්තොටුවේ විදුහල් මෑණී
ගීත නදින් කරනෙමු පිනි පා..//
සැදෑතිස්ස රජු කර පොරනේ
විහර ඇත එලමල් දෙණියේ
බැබලෙන නිල් ගන වන පියසේ
වැද එන සිසිලස විද රිසිසේ
සුරතල් දරු කැල උකුලෙ හොවා
සුසිරිත් ගුණ දහමින් නහවා
අදරින් සිප් සත දී වඩවා
සියවස් කල් ඔබ වැජබේවා..//